SRILANKAN NEWS

මෙවර අයවැයෙන් සුබවාදී දෙයක්‌ ඇති විය නොහැකි – මහින්ද රාජපක්‍ෂ

mahintha-rajapaksha මහින්ද යහපාලනය රජයේ මෙවර අයවැයෙන් සුබවාදී දෙයක්‌ ඇති විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඊයේ (08) දින මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

මෙවර අයවැයෙන් එනම් එක පැලැන්තියකට පමණක්‌ වරප්‍රසාද ලැබෙන බවත් දුක්‌විඳින සාමාන්‍ය ජනතාවට එම වරප්‍රසාද අහිමි වන අතර, අයවැය පිළිබඳව ජනතාව තැබූ බලාපොරොත්තු සියල්ලම සිහිනයක්‌ වන බවද හෙතෙම පවසා තිබේ.

අයවැයට කළින් පවා රජය බදු පැනවූ බවත් මෙවර අයවැයෙන් ද බදුබර පටවන බවට තමාට ලොකු විශ්වාසයක්‌ ඇති බවත් යහපාලන රජයේ මෙවර අයවැයත් ජනතා බලාපොරොත්තු බිඳ වට්‌ටන අය වැයක්‌ විය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.