වව්නියාවේදී නිධන් හෑරීමට උත්සහ කළ අට දෙනෙකු අත්අඩංගුවට

වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී නිධන් හෑරීමට උත්සහ කළ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, නිධන් හෑරීම සඳහා යොදාගත් භූගත ස්කෑන් යන්ත්‍රයක්, සුබෝපභෝගී වෑන් රථයක් ඇතුළු උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වව්නියාව, යාපනය, කිලිනොච්චිය, අනුරාධපුරය, මුලතිව් සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top