ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීමට කියුබාවේ සහාය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහල නැංවීම සඳහා සමාජවාදී කියුබාව පූර්ණ සහයෝගය ලබාදෙනබව කියුබානු සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවකට සහභාගී වී සිටින මෙරට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා කියුබානු මහජන සෞඛ්‍ය අමාත්‍ය රොබෙටෝ මොරාලේ මහතා අතර පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව රොබෙටෝ මොරාලේ මහතා මේ බව සඳහන් කර තිබේ.

කියුබාවේ නිෂ්පාදනය කරන සෞඛ්‍ය උපකරණ මෙරටට ගෙන්වා ගැනීම සම්බණ්ධව අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

දකුණු අප්‍රිකාව තුල විශිෂ්ඨම මහජන සෞඛ්‍ය සේවාව සපයන රට වන්නේ සමාජවාදී කියුබාවයි.ලෝක මට්ටමින් ද විශිෂ්ඨ සෞඛ්‍ය සේවයක් සහිත රටවල් අතර සමාජවාදී කියුබාව මුල්තැනක් ගනියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top