සංවර්ධන සම්බන්‍ධිකරන කටයුතු සඳහා වූ ජගත් සංවිධානයේ අධ්‍යක්‍ෂක ගනී වික්නරාජාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම ඊයේ (28) දින මඩකළපුව දිස්ත්‍රික්ක ලේකම් හමුවී දිස්ත්‍රික්කයෙහි අවශ්‍යතාවයන් සහ පසුගිය කාලයේ වැඩ කටයුතු ගැනද සොයා බලා තිබේ.
මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ක්‍රියාත්මක කර ඇති ඉලෙක්ට්රොනික පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, මන්මුනයි නිරිතදිග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ඉදිකර ඇති රෝහල, මන්මුනයි පට්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ඉදිකර ඇති දර්මපුරම් මත්ස්‍ය පැටවුන් ඇති කිරීමේ මධ්‍යස්ථානය ද නිරීක්‍ෂණය කර තිබේ.