පාර්ලිමෙන්තුවේ දෙවැනි සැසි වාරයට පෙර විශේෂ පෙරහුරුවක්

පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ විශේෂ පෙරහුරුවක් එළැඹෙන 6 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉකුත් 27 වැනිදා පරේලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ද පරේලිමේන්තුවේ සියළු අංශවල ප්‍රධානීහු ද සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.එසේම මෙම උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දහසකට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන්ද සහභාගී වන බව මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top