අද දින යාපනයේ පැවැති මැයි දින රැලි

ශ්‍රී ලංකා රජය මෙවර මැයි දිනය ලබන 7 වනදාට ප්‍රකාශ කර ඇති නමුත්, යාපනයේදී මැයි දින රැලි අද දින පැවැත්වුණි. දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැලිය වඩමරාච්චිය මයික්කල් ක්‍රීඩාංගනයේදී අද සවස පැවැත්වුණි. දෙමළ ජාතික ජනතා පෙරමුණේ මැයි දින රැලිය නල්ලූර් සංගිලියන් උද්‍යානයේදී පැවැත්වුණි.

මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මැයි 01 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි 07 වන දින පැවැත්වීමට රජය තීරණය කර තිබුණි. වෙසක් පුර පසළොස්වක පොහොය අප්‍රේල් 29වනදා යෙදී තිබූ වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top