දකුණේ මැයි දිනය කල් දමා ඇති අවස්ථාවක, ජ.වි.පෙ. උතුරේදී මැයි දිනය සමරයි..

ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වා තිබුණි.

එහිදී මැයි පෙළපාළිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු පොදු සංවිධාන කිහිපයක නියෝජිතයන් සහ කම්කරුවන් ද එක්වී තිබුණි.

යාපනය රක්කා වීදියේ ආරම්භ වූ පෙළපාළිය කෝවිල් මාර්ගය – රෝහල් මාර්ගය – කේ.කේ.එස්. මාර්ගය හරහා යාපනය මානගර සභා ක්‍රීඩාංගනයට පැමිණි අතර එහිදී මැයි දින රැලිය පැවැත්වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top