දුම්රිය තාක්ෂණ සේවකයෝ අද වර්ජනයේ

දුම්රිය තාක්ෂණසේවා වෘත්තීය සමිති කමිටුව අද(29) ප.ව. 4.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරතවන බව එම කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කරයි.

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව සම්පත් රාජිත මහතා පවසයි.

දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමඟ එක් නොවන බවත් දුම්රිය ධාවනයේ යෙදෙන අතර යම් දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දන්වා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top