මාර්ග තදබදයට විසදුම් නොදුන්නොත් වර්ජනයකට යනවා – පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය

ගැමුණු විඡේරත්නකොළඹ අවට මාර්ගයන්හි පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් වර්ජනයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

අදාළ ගැටළුවට විසදුම් ලබා දෙන කිහිපවරක්ම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඊට සෑහීමකට පත්විය හැකි විසදුමක් නොලැබුනු බැවින් ලබන 15 වැනිදා බස්‌ රථ වර්ජනයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

විශේෂයෙන්ම දැඩි මාර්ග තදබදයක් පවතින මාර්ග 30 ක මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් මෙම අධික වාහන තදබදය හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවත් ගැමුණු විඡේරත්න මහතා තවදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top