එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන්ට ස්ථීර ආදායමක් ලැබිය හැකි රැකියා අවස්ථා ලබාදිය යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී තු. රවිකරන් විසින් යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (08) දින පැවැති උතරු පළාත් සභා සැසිවාරයේදී ඔහු ඉකුත් යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයන් 12 දාහක් පුනරුත්ථාපනය ලබා සමාජ ගත කර තිබේ. ඔවුන්ට ස්ථීර රැකියාවක් ආදායමක් නොමැතිව පීඩාවට පත්වන බවත්, ඔවුන්ගේ ජීවනෝපාය සඳහා රැකියා ලබාදිය යුතු යැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පවසා තිබේ.