උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ ප්රතිපත්තිය කෙරෙහි වෙනත් කිසිම විකල්ප අදහසකට ඉඩක් නැති බවත් ඒ ගැන සාකච්ඡාවක් නොමැති බවද පවසා තිබේ.
උතුර සහ නැගෙනහිර වෙන් කළ යුතුයි යන අදහසට කිසිඳු ඉඩක් නැතැයි පෙන්වාදී තිබේ. තන්දයි සෙල්වා සහ එල්.ටි.ටි.ඊ. නායක ප්රබාකරන් ද උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි යන ස්ථාවරයේ සිටි බව සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment