SRILANKAN NEWS

යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය ජනවාරි 27 සිට

jitf-2016උතුරත් දකුණත් එකට යා කරමින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2016 ජනවාරි 27 වැනිදා සිට 29 වැනිදා දක්වා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

8වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය “Gate to the North” නමින් නම් කොට ඇත.

ඉදිකිරීම් කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ආහාරපාන වර්ග සහ ඇසුරුම් කර්මාන්තය, ඔටෝමොබයිල් කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා, ඇගළුම් කර්මාන්තය, කෘෂිකාර්මික, වාණිජ භාණ්ඩ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන් නියෝජනය කරනු ලබන ආයතන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි වනු ඇත.

තුන්සියයකට අධික ප්‍රදර්ශන කුටි හරහා තම නිෂ්පාදනයන්ට වට්ටම්, සුවිශේෂී ආහාරපාන ලබා ගැනීමේ අවස්ථාව ද මේ හරහා හිමිවෙයි. ලොතරැයි දිනුම් ඇදීම් ඇතුළු සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමිවන මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සියලූම ජනතාවට කිසිදිනෙක නොලැඛෙන නැවුම් අත්දැකීම් රැසක් එක්කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වක් බව පැවැසේ.

මෙවර ප්‍රදර්ශනය වෙළෙඳකුටි 300කින් පමණ සමන්විත වන අතර නිෂ්පාදන 1000කට වඩා වැඩි සංඛයාවක් සඳහා විශේෂ වට්ටම් ලබාගැනීමට ද හැකිවේ.