ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවේද ඇතැම් පිරිස් ඉඩ ලබා නොදෙන බව ජාතික භාෂා හා සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා චෝදනාකර තිබේ.
ඔහු පෙන්වදෙන්නේ ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට ජනවාර්ගික ගැටලුවට මූලික විසඳුම් ලබාදිය හැකි, නමුත් ඇතැම් පිරිසක් භාෂා ප්‍රෂ්ණය විසඳීමට කැමැත්තක් නොදක්වන බව පෙන්වාදී තිබේ.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මේ බව පැවසීය.
Add Comment