SRILANKAN NEWS

මෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැහැ -මහින්ද

mahintha-2 මහින්දමෙවර අයවැයෙන් ජනතාවට සහන ලබාදීමක් සිදුවී නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

“සමුපකාරයටත් බදු අයකරගෙන, ඉතිං ඊට වඩා කතා කරන්න දෙයක් නැහැනෙ” යනුවෙන් පැවසූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම යෝජනා ක්‍රියාත්මක වන විට ජනතාවට එය දැනෙනු ඇති බවය.

මුදල් ඇමතිවරයා ‘යන්නේ කොහේදැයි නොදැන’ ක්‍රියාකරන බව පැවසූ මහින්ද රාජපක්ෂ, මුදල් ඇමතිවරයා ආණ්ඩුවට ‘ලණුවක්’ දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වා ඇතැයිද පැවසීය.

අයවැයට එරෙහිව ඡන්දය දෙන බවද යම් හෙයකින් එය පරාජය කිරීමට නොහැකි වුවත් ජනතාව එයට නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.