මත්තල ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් සේවා සාමගම් 45ක් ප්‍රතික්‍ෂේප කරයි..

mattala_airport මත්තලනඩත්තු කටයුතු සඳහා කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ වසා දමන කාල සීමාව තුළ මත්තල ගුවන්තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකරන ලෙස. විදේශීය ගුවන් සමාගම්වලින් රජය කළ ඉල්ලීම සමාගම් 45 ක්‌ ප්‍රතික්‌ෂේප කර ඇතැයි සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා මාධ්‍යට පවසා ඇත.

කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය වසර 20 කින් අලුත්වැඩියා කර නැති බවත් මේ නිසා ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක වියදමින් ධාවන පථය සංවර්ධනය කිරීම සඳහා රජය සැලසුම් කර තිබෙන බවත් හෙතෙම කීය.

මේ සඳහා දිනකට පැය අටක්‌ ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවන බව පෙන්වා දෙන ඇමැතිවරයා තවදුරටත් මේ නඩත්තු කටයුතු පමා කරන්න හැකියාවක්‌ නැති බවත් දැනටමත් සතියකට පැය 4 ක්‌ ගුවන්තොටුපළ නඩත්තු කටයුතු සඳහා වසා දැමෙන බවත් අනාවරණය කළේය.

මත්තල සිට ගුවන් ගමන් සිදුකරන ලෙස රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 45 ක්‌ සම්පූර්ණයෙන්ම ප්‍රතික්‌ෂේප කර තිබෙන බව අබේසිංහ මහතා සඳහන් කළේය.

මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල වශයෙන් පක්‌ෂීන් ගැවසීමත් දුර ප්‍රමාණයත් ඇතුළු කරුණු ගණනාවක්‌ මේ සඳහා ඔවුන් ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top