ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අලුත් පක්‌ෂයට

joinedආණ්‌ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක්‌ තීරණාත්මක අවස්‌ථාවක දී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක්‌වීමට සූදානම් බව පැවැසේ.

නව පක්‌ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විටත් එම මැති ඇමැතිවරුන් සමඟ රහසිගත සාකච්ඡා වට කිහිපයක්‌ම ඒකාබද්ධ විපක්‌ෂයේ සංවිධායකයන් විසින් පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් බහුතරයක්‌ හා එජාපයේ කලකිරී සිටින මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සඳහා සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු දැනට සාමාජිකත්වය ලබා නොගන්නා අතර නව ලියාපදිංචි දේශපාලන පක්‌ෂයක්‌ ලෙස ඉදිරි මැතිවරණවලට තරග කිරීම සඳහා අවශ්‍ය නෛතික සුදුසුකම් සම්පූර්ණ කිරීම මේ දිනවල සිදුකරන බව එම පක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

පක්‌ෂ ලියාපදිංචියේ නෛතික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග සිදුවන බවද හෙතෙම කීය.

පසුගියදා පැවැති අයවැය ප්‍රකාශයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේ දී ද ආණ්‌ඩුවේ සමහර මැති ඇමැතිවරුන් නව පක්‌ෂයේ ඉදිරි පියවර ගැන මාධ්‍යවේදීන් සමඟ යම් යම් ඉඟි පළ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top