අයවැයේ බර දැන් ජනතාවට දැනෙමින් පවතිනවා – මහින්ද

mahintha මහින්දයහපාලන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ලබන වසර සදහා වන අයවැයෙහි බර දැන් දැන් ජනතාවට දැනෙමින් පවතින බවත් අයවැය සකස් කර ඇත්තේ ජීවත් වීමේ අපහසුව කිසිදු අයුරකින් නොදැනෙන පිරිසක් විසින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

අලුත්ගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයක් අතුරතුරදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළ කරන ලද අතර ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලද්දේ අයවැය තුළීන් සහන ලබාදී ඇති භාණ්ඩ සම්බන්ධයෙන් ගම්බද ජනතාව විහිළු සහගත සිනාසෙන බවයි.

හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 05 කින් අඩුකර ජනතාවට ලබා දෙන සහනය කුමක්දැයි විමසා සටින බවද මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top