SRILANKAN NEWS

මුසලි ධීවරයන්ගේ ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුම් – කේ. කාදර් මස්තාන්

unnamed-1මන්නාරම දිස්ත්‍රික්ක මුසලි ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව වන්නි දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් පවසයි.

පාර්ලිමෙන්තු මන්ත්‍රී මස්තාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා ධීවර කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මුසලි ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ බව පවසා තිබේ.

මෑත කාලයේ සිට මුසලි මුහුදු තීරයේදී පිට පළාත්වලින් පැමිණි ධීවරයන් ධීවර කර්මාන්තයේ නිරතවන බවත්, ඔවුන් තහනම් ධීවර ආම්පන්න භාවිතා කිරීමෙන් ප්‍රදේශයේ ධීවරයන් දැඩි ලෙස බාධාවට පත්ව සිටින බව පැවැසේ. තවද මෙලෙස පිට පළාත්වලින් පැමිණි ධීවරයන් දැන් එම ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සඳහා වූ කටයුතුවල ද නිරතව සිටින බවට මුසලි ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයන් චෝදනා කර තිබේ.

ඉකුත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රදේශයේ ධීවරයන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්ණවලට ලබන බදාදා දින විසඳුමක් ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.