යාපනය මානගර සභා සේවකයන්ට ස්ථීර පත්වීම ලබාදීමට පියවර ගන්න – ඩග්ලස්

douglas ඩග්ලස්යාපනය මානගර සභාවේ සෞඛ්‍ය සේවයේ තාවකලික සේවකයන් 197 දෙනෙකු තමන්ට ස්ථීර පත්වීම් ලබා දෙන්නැයි පසුගිය 07 වනදා සිට වැඩ වර්ජනයක යෙදී සිටිති. ඔවුන් සමඟ ස්ථීර පත්වීම් ලැබූ සේවකයන් ද වැඩ වර්ජනයට එක්වී සිටීමෙන්, යාපනය මානගරය සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී තිබෙන අතර, මානගර සභාවේ අභ්‍යන්තර කටයුතුද අඩාලවී තිබේ.

මෙම තත්වය කෙරෙහි අවධානය යොමු කර තාවකාලික සේවයට බඳවාගත් සේවකයන් 197 දෙනාට ස්ථීර පත්වීම් ලබාදිමය පියවර ගන්නා ලෙස ඊ.පී.ඩි.පී. පක්‍ෂයේ මහ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහත්වරුන්ගේ අවධානයට යොමු කර ඇති බව එම පක්‍ෂය මාධ්‍ය නිවේදනයකදී සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top