අර්ජුන්ට අගමැති කාර්යාලයේ කිසිම තනතුරක්‌ ලබාදී නැහැ

arjuna-mahenthiran - අර්ජුනහිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු තනතුරකට පත්කර නැතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය. අර්ජුන මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු තනතුරකට පත්කර නොමැති නිසා ඔහුට වැටුප් ගෙවීමක්‌ නොකරන බව ද ඔහු කීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනතුරක්‌ සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කර ඇතිනම් එය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා විසින් සිදුකළ යුතු බවත් ඒ මහතා එවැනි කිසිදු පත්වීමක්‌ කර නොමැති බවත් ඔහු කීය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විශ්‍රාමික ඉංජිනේරුවන් කිහිපදෙනකු වාර්තා ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා හෝ කිසිදු ගෙවීමක්‌ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සිදුකර නැති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

බැඳුම්කර සිද්ධියට අදාළව අවසන් නිගමනයකට එන තෙක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අගමැති කාර්යාලයේ උපදේශක තනතුරින් ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් කල විමසීමකදී එම ප්‍රකාශකයා එබව සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top