මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සදහා වු අයවැය යෝජනාවලිය තුලින් ජනතාවට සිදුවන අසාධාරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිම සදහා ඉදිරියේ දි කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා, ඊයේ (13) බත්තරමුල්ල පිහිටි ඒකාබද්ධ විපක්ෂ කාර්යාලයේ දි පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මේ බව සදහන් කරන ලදී.
එහිදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සදහන් කර සිටියේ සමස්ත ශ්‍රී ලංකාවේ ගෙවිම්, පියවීම් ඇතුළු දේශිය හා විදේශිය මුල්‍ය ක්‍රමවේදයන් පාලනය කිරීමේ පුළුල් බලතල හිමි ශ්‍රි ලංකා මහ බැංකුව පුද්ගලිකරණය කිරීම සදහා වු යෝජනා කිහිපයක් මෙවර අයවැයට යෝජනා කර ඇත්තේ සියළු දෙනාම රවටමින් බවයි.
කෙසේ වෙතත් වත්මන් රජය යටතේ මහ බැංකු අධිපති ධූරයට පත්වු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් මහ බැංකු මුදල් වංචාව කර අඩක් විනාශ කළ මහ බැංකුව, රවී කරුණානායක අමාත්‍යවරයාගේ අයවැය යෝජනා තුලින් සම්පූර්ණ වශයෙන්ම විනාශ වනු ඇති බවද ගුණවර්ධන අමාත්‍යවරයා විසින් වැඩි දුරටත් අවධාරණය කරන ලදී.
Add Comment