ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක්

ජැකී චෑන්පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්‍රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය.

අට වැනි වියේදී පළමුවරට චිත්‍රපටයක පෙනී සිටි චෑන් සිනමා නිර්මාණ දෙසීයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

1995 වසරේදී තිරගත වූ ‘Rumble in the Bronx’ චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධිය දිනාගත් චෑන් ‘Rush Hour’චිත්‍රපට ත්‍රිත්වය ‘The Karate Kid’වැනි හොලිවුඩ් නිර්මාණ සඳහා ද රංගනයෙන් දායක විය.

“චිත්‍රපට දෙසීයකට වැඩිය නිර්මාණය කරලා අවුරුදු පනස් හයක් මේ ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා අවසානයේ මේ සම්මානය ලැබුණා.” හැට දෙහැවිරිදි වියේ පසු වන චෑන් සිය ඔස්කාර් සම්මානය අතැතිව පැවසීය.

උපුටා ගැනීම : දිනමිණ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top