රහසිගත වදකාගාර ගැන පරීක්‍ෂණ අවශ්‍යය – යස්මින් සූකා

යස්මින් සූකාශ්‍රී ලංකාවේ රහසිගත වදකාගාර ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු නිළධාරිනී සහ අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ විධායක අධ්‍යක්‍ෂිකා යස්මින් සූකා මහත්මිය ඉල්ලා තිබේ. සුදු වෑන් පැහැරගෙන යෑම්, වදහිංසාව, සහ ලිංගික අපරාධ ගැන පරීක්‍ෂණ සිදුකළ යුතු යැයි ඇය අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවන වදහිංසා ගැන ලබන සතියේ එක්සත් ජාතීන් සංවිධානයේදී විභාග කිරීමට නියමිතය. දෙමළ ජාතිකයන්ව නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන වදහිංසාවට ලක්කරන බවට චෝදනා එල්ලවී තිබේ. අපරාධ ක්‍රියාවලට වගවීම සම්බන්‍ධයෙන් නිසි ක්‍රියමාර්ගයක් නොගැනීමේ තත්වය දිගටම පවතින බව ද පැවැසේ.

වදහිංසාව, දරුණු අපරාධ ක්‍රියාවන් සෙබළුන්ගේ ජානවල කාවැදුනු දෙයක් බවට පත්වී ඇති බවත්, නව රජය බලයට පත් වූ පසු ද සෙබළුන්ගේ අපරාධ ක්‍රියාවන් අඩුවී නැති බවට චෝදනා එල්ලවී තිබේ. ශ්‍රී ලංකාව තුල තවඳුරටත් මානව හිමිකම් උල්ලංඝණ හා වදහිංසාව සිදුවන බව ලොවට පෙන්වීමට අපේක්‍ෂා කරන බව යස්මින් සූකා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top