සායින්දමරුදු ප්‍රදේශයේ ජනතාව හකීම්ට විරෝධය පළ කරයි..

question-1අද දින සායින්දමරුදු ප්‍රදේශයේ උත්සවයකට පැමිණීමට නියමිත මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ අමාත්‍ය රවූෆ් හකීම්ට විරෝධය පළ කරමින් ප්‍රදේශය පුරා කළු කොඩි දමා තිබෙන අතර, පෝස්ටර් ද අලවා ඇති බව වාර්තාවේ.

සාන්දමරුදු තෝනා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා රවූෆ් හකීම් අද පස්වරුවේ එම ප්‍රදේශයට පැමිණීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා පසුගිය කාලයේ කෝටි ගණනක මුදලක් වියදම් කර තිබෙන අතර, මෙවර කෝටි 16ක මුදලක් වෙන්කර තිබේ. අද යළි විවෘත කිරීමට නියමිත තිබූ තෝනා සංවර්ධන නාම පුවරුවද යම්කිසි පිරිසක් විසින් විනාශ කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top