ජනතාවගේ ප්‍රාර්ථනාවෙන් යළි ජීවිතය ලැබූ බවට ජයලලිතාගෙන් නිවේදනයක්..

jayalalithaa1-13-1479053417ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා විසින් ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව පැවැසේ.

එහිදී ජනතාවගේ ප්‍රාර්ථනාව හේතුවෙන් තමන්ට යළි ජීවිතය ලැබී ඇති බවත්, ජනතාවගේ සෙනහස තිබෙන විට කිසිම අඩුවක් නැති බවත්, ඉතා ඉක්මනින් සුවපත්වී සමාන්‍ය කටයුතුවල නිරතවීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබේ.

මීට පෙර මාධ්‍යට යවන ලද නිවේදනයෙහි ජයලලිතාගේ අත්සන නොතිබුණු බවත්, අනතුරුව ජයලලිතාගේ අත්සන සහිත එම නිවේදනය යළි යවා ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top