SRILANKAN NEWS

තිරායික්කේනි සමූල ඝාතන සිද්ධියට වසර 26යි

තිරායික්කේනි සමූල ඝාතන සිද්ධියට වසර 26යි1990 අගෝස්තු 26 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ තිරායික්කේනි යන දෙමළ ගම්මානයේ සමූල ඝාතන සිද්ධිය සිදූවී අදට වසර 26ක් අවසන්වී තිබේ.

විශේෂ හමුදා මෙහයුමකින් දෙමළ වැසියන් 47 දෙනෙකු එහිදී ඝාතනයට පත්වූ අතර, එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් සාක්‍ෂි රැසක් සොයා ගෙන තිබුණි. තවද එම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් විදිමත් පරීක්‍ෂණ කටයුතු සිදුකළ යුතු යැයි කළ හඞද මර්ධනය පත් කෙරුණි.

තිරායික්කේනි ගම්මානය මඩකළපුවේ සිට කි.මී. 70ක දුරින් අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. විශේෂ හමුදාව සහාය මත තිරායික්කේනි ගම්මානයට ඇතුළු වූ මැර කණ්ඩායමක් එහි කෝවිලේ අවතැන්ව සිටි දෙමළ වැසියන් 47 දෙනෙකුව ඝාතනය කර තිබුණි.

වයසක පුද්ගලයන් නිවස්වල සිටියදීම ගිනි තැබූහ. නිවාස 350ක් මැරයන් විසින් ගිනි තබා විනාශ කර තිබුණි. එහිදී 13 හැවිරිදි දැරියකුව ද පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූහ.

පෙරවරු 7ට පමණ ආරම්භ වූ එම සමූල ඝාතනය මධ්‍යහනය දක්වා සිදුවුණි. එම කුරීරු සිද්ධියෙන් අනතුරුව එම ගම්මානයෙන් පිටත්ව ගිය ප්‍රදේශවාසීන් කාරයිතීව් අවතැන් කඳවුරේ වසර 4ක කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව යළි තම ගම්බිම් බලා පැමිණියහ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු යැයි ඉල්ලා සිටි තිරායික්කේනි ග්‍රාම සංවර්ධන සංගමේ සභාපති ඊ. මයිලයිපොඩි නැමැත්තා 1997දී ඝාතනයට පත්වුණි.

2003 ඔක්තෝම්බර් 12 වන දින තිරායික්කේනි පෙරියදම්බිරාන් කෝවිල් පරිශ්‍රය පිළිසකර සිටියදී එහි වලක තිබී මිනිස් ඇට සැකිළි විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබුණි. එය තිරායික්කේනි සමූල ඝාතනයේදී මිය ගිය ජනතාවගේ විය හැකි බවට ප්‍රදේශවාසීන් පවසා තිබුණු නමුත් ඒ සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිඳු පරීක්‍ෂණයක් සිදු කර නොමැතිවීම විශේෂත්වයකි.