පසුගිය රජය උතුරු – නැගෙනහිර පළාත්වල සිදුකළ ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් කළේ නැහැ – ගෝඨාබය

gotabaya_ci ගෝඨාභය රාජපක්ෂපසුගිය රජය විසින් උතුර නැගෙනහිර පළාත්වල සිදුකළ සේවා ක්‍රියාමාර්ග ගැන එකළ ජාත්‍යන්තර ප්‍රජාව ඇගයීමට ලක් නොකළ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතා පවසයි.

උතුරේ එල්.ටි.ටි.ඊ. සංවිධානය තුරන් කර, ඡන්දය පවත්වා එම ප්‍රදේශවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ රජය බවත්, කෙසේ නමුත් මහින්ද රාජපන්‍ෂ විසින් උතුරට කළ සේවය ගැන ජාත්‍යන්තරය කිසිවිට ප්‍රසංශා කර නොමැති බවද පෙන්වාදී තිබේ.

උතුරට ඡන්දයක් පැවැත්වීමට සුදානම් වූ අවස්ථාවේ එසේ කළහොත් ඉදිරි මැතිවරණයකදී මහින්ද රජයට අවාසි තත්වයක් ඇති වියහැකි බවට අනතුරු අඟවා තිබූ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීම සඳහා මැතිවරණය පැවැත්වූ බව ගෝඨාබය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top