තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට වසර තුනක උපාය මාර්ගික සැලැස්මක්

තොරතුරු පනතතොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ තුන් අවුරුදු උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවත්විණි.

යුනෙස්කෝ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර මහතා විසින් මෙම ක්‍රමෝපාය සැලැස්මක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සිදු අතර එයට, ලෝක බැංකුව හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා ඇතුළු තොරතුරු දැනගැනීමේ අයිතිවාසික පිළිබඳ විශේෂඥයින් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිවයිනේ රාජ්‍ය ආයතනවලට තොරතුරු නිලධාරීන් 500ක් පත් කිරීම සඳහා මේ වනවිට පියවර ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top