ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දින එම ඝාතනයට පැය කිහිපයකට පෙර තාජුඩීන් සිය මිතුරෙකු වන අහමඩ් සෆර්ට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා ඊයේ (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.
මෙම නඩුව වසර දෙකක් පමණ පැරණි බැවින් ගත වී ඇති කාලය සැලකිල්ලට ගෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.
මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන සැකකරුවන් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Add Comment