කච්චතීව් දූපත ගැන ඉන්දිය පාර්ලිමෙන්තුවේ සාකච්ඡා

කච්චතීව් දූපත ගැන ඉන්දිය පාර්ලිමෙන්තුවේ සාකච්ඡාකච්චතීව් දූපත යළි පවරා ගැනීම සම්බන්‍ධයෙන් ඉන්දිය පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්බන්‍ධයෙන් ඊයේ දින පාර්ලිමෙන්තුවේදී සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා විසින් ඉකුත් යෝජනාව ඉදිරිපත් තිබෙන අතර, තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයතුල විවිද පීඩාවන්ට හා තර්ජනවලට මුහුණ දෙමින් සිටින හෙයින් කච්චතීව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව එහිදී සඳහන් කර තිබේ.

1974 වසරේ ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සිදුකරගත් ගිවිසුමකට අනුව කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට හිමිවිය. කෙසේ නමුත් තමිල්නාඩු ධීවරයන් යහපත උදෙසා කච්චතීව් දූපත යළි ඉන්දියාව පවරා ගත යුතු යැයි ජයලලිතා විසින් මීට පෙර කිහිප වතාවක්ම ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි මහතා වෙත ලිඛිතව ඉල්ලා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top