පැපිලියාන රෙදිපිළි ගබඩාවක ගින්නක්

ගින්නකොහුවල, පැපිලියාන ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසලක ගබඩාවක ඊයේ රාත්‍රි 9 ට පමණ ගින්නක් හටගෙන තිබේ. ගුවන් නාවික ගිනි නිවන අංශද ජල සම්පාදන මණ්ඩලයද ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් දරූ අතර, ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බව වාර්තාවේ.

කොළඹ, දෙහිවල සහ කෝට්ටේ ගිනි නිවීම් ඒකකවල ගිනි නිවීම් රථ 10 ක් පමණ ගින්න නිවා දැමීම සඳහා යොදවා තිබිණ.

රෙදි පිළි ගබඩාවේ දෙවන සහ තුන්වන මහල් වලින් හට ගන්නට ඇති බවත්, ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇති බවද වාර්තාවේ.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතු සොයා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top