බංගලාදේශයේ චෝදනාව මියන්මාරය ප්‍රතික්‍ෂේප කරයි..

රෝහින්ග්‍යාබංග්ලාදේශයේ චෝදනාව මියන්මාරය ප්‍රතික්‍ෂේප කර තිබේ. මියන්මාර රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් රටේ උතුර දේශසීමාව ඔස්සේ බංගලාදේශයට ඇතුල්වීමට පටන්ගෙන ඇති බවට බංගලදේශය විසින් චෝදනා කර තිබුණි. කෙසේ නමුත් මියන්මාර රාජ්‍ය මාධ්‍ය විසින් එම චෝදනාව ප්‍රතික්‍ෂේප කර තිබේ.

82 දෙනෙකුට ආහාර හා බෙහෙත් ලබාදුන් බව බංගලාදේශ දේශසීමා ආරක්‍ෂක අංශයේ බළධාරීන් පවසා තිබේ. කාන්තාවන් සහ ළමුන් ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 82 දෙනෙකු බංගලාදේශයට සංක්‍රාමිකයන් ලෙස ඇතුල්වීමට උත්සහ කළ බවත්, ඔවුන්ව යළි හරවා යැවූ බවද සඳහන් කර තිබේ. කෙසේ නමුත් මෙම තොරතුරු මියන්මාරය ප්‍රතික්‍ෂේප කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top