හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කර දෙන්නැයි කිලිනොච්චිය පාසල් ප්‍රජාවගෙන් ඉල්ලීමක්..

kmv1හමුදාව යටතේ තිබෙන කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩම නිදහස් කර දෙන්නැයි, විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතාගෙන් පාසල් ප්‍රජාව ඉල්ලා තිබේ.

අද සඳුදා දින කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරතවූ විපක්‍ෂ නායක සම්බන්‍ධන් මහතා, කිලිනොච්චිය මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් සමඟ කළ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

තවද යුද්දයෙන් විනාශයට පත්වූ මෙම පාසට අවශ්‍ය අධ්‍යාපන උපකරණ හා සම්පත් ලබා දෙන ලෙස පාසල් ප්‍රජාව ඉල්ලා සිටි අතර, කඩිනමින් පාසලේ අඩුපාඩු නිරාකරණය කිරීමට පියවර ගන්නා බවට විපක්‍ෂ නායකවරයා එහිදී පොරොන්දුවිය.

kmv2 kmv4

kmv5 kmv10

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top