කුවේට්හි රැඳී සිටි ලංකිකයන් පිරිසක් යළි දිවයිනට

return යළි - නැවතකුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ හා නියමිත රැකියා වීසා කාලය ඉක්මවමින් සේවය කළ කාන්තාවන් 119 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ (22) දිවයිනට පැමිණියහ.

මෙම පිරිස කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි පිරිසකි. විදේශ රැකියා අමාත්‍යවරිය පසුගියදා කුවේට් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර එරට තානාපති කාර්යාල නිලධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත.

මෙසේ පැමිණි 119 දෙනාම කාන්තාවන් වන අතර ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. එම කාන්තාවන්ගෙන් 9 දෙනෙකුට කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය මඟින් ගමන් වියදම් ලබාදී නිවෙස්වලට පිටත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top