කිලිනොච්චියට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ප්රදේශ රැසක් ජලයට යටවී තිබේ. කිලිනොච්චියේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට මුහුණ දෙමින් සිටිති. විශේෂයෙන් විභාගය සඳහා යන පාසල් ළමුන් දැඩි ලෙස පීඩාවට පත්වී සිටිති.
අඛණ්ඩව දින හතරක කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුඩා වැව් වාන් දැමීමෙන් පහත් බිම් ප්රදේශයන් ජලයෙන් යටවී තිබෙන අතර, ඉන්දුපුරම්, ආනන්දනගර්, උරුත්තිරපුරම්, අක්කරායන් සහ තට්ටුවන්කොට්ටි යන ප්රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම ප්රදේශවල ගමනා ගමන කටයුතු ද අඩාලවී තිබේ.
කෙසේ නමුත් මෙතෙක් ජල ගැල්ම හේතුවෙන් කිසිවකු අවතැන්වී නොමැති නමුත්, වැසි කාලගුණික තත්වය දිගටම පවතියේ නම් ජනතාව මහත් පිඩාවට පත්වනු ඇතැයි පැවැසේ.
Add Comment