යාපනයේ ජලයට යටවී ඇති ගම්මාන..

5පසුගිය දින කිහිපයක් තිස්සේ යාපනයට ඇද හැලෙණ වර්ෂාව හේතුවෙන් යාපනය අවට වසන්දපුරම්, නිත්තියවෙලි, සූරියවෙලි සහ පොම්මයිවෙලි ඇතුළු ගම්මාන රැසක් ජලයට යටවී තිබේ.

වැසි ජලය හේතුවෙන් ග්‍රාම සේවා වසම් ජේ-87, ජේ-85, ජේ-88, ඇතුළු මෙම ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවීමෙන් විශාල පිරිසක් අවතැන්ව සිටින අතර, තවත් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටිති.

වාර්ෂිකව වැසි කාලය ආරම්භවීමත් සමඟම මෙම ප්‍රදේශයන් ජලයෙන් යටවී යන නමුත් මෙතෙක් එයට ස්ථීර විසඳුමක් ලබාදීමට හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිඳු පියවරක් ගෙන නැතැයි චෝදනා එල්ලවී තිබේ.

පෙර සැලස්මක් නොමැතිව මෙම ප්‍රදේශයේ නිවාස ඉදිකර තිබෙන අතර, ජනතාව පදිංචි වූ පසුද එම ගැටළු නිරාකරණය කිරීමට කිසිඳු වැඩපිළිවලක් ඉදිරිපත් කර නොමැත. මේ හේතුවෙන් වර්ෂාව ආරම්භවීමත් සමඟම ප්‍රදේශයේ ජනතාව අවතැන්ව යාමට සිදුව තිබේ.

4-2

1

2

3

dscf7619

dscf7618

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top