දින කිහිපයක් තිස්සේ කිලිනොච්චියට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කනකාම්බිකයි වැවේ ජල මට්ටම අඩි 10යි අඟල් 9 දක්වා ඉහළ යාමෙන් කනකාම්පිකයි වැව වාන් දමන බව අප වාර්තාකරු පවසයි.
තවද ගංවතුර ඉරණමඩු හංදියේ සිට ඉරණමඩු වැව දක්වා වූ ප්‍රධාන මාර්ගයේ ඉපාට් ව්‍යාපෘතිය යටතේ ඉදිකරන පාලම මතින් ගලා යන බවද වාර්තාවේ. ඉකුත් පාලමේ ඉදි කිරීම් කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් එම පාලමට අසල තාවකාලික මාර්ගයක් ඉදිකර ගමනා ගමන කටයුතු සිදු කෙරුණි. දැනට පවතින වර්ෂාව හේතුවෙන් එම මාර්ගය ද ජලයට සෙදී යාමේ අවධානමක් මතුවී ඇත.
Add Comment