ඇමැති මලික්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

මලික් සමරවික‍්‍රමජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද (23) අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔහු මහපොළ භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන දහසක් වංචා කර ඇති බවට චෝදනා කර තිබේ.

මීට පෙර මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව ද ඒකාබද්ධ විපක්‍ෂ විසින් පැමිණිලි ගොනු කර තිබූ අතර, වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන්ගේ ලයිස්තුව හෙවත් ටොප්ටෙන් ලයිස්තුවේ තුන්වැන්නා මලික් සමරවික්‍රම බවද ඒකාබද්ධ විපක්‍ෂ පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top