මිනුවන්ගොඩ,පීල්ලවත්ත බිග් සිටි නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද පෙරවරුවේ මෙම වෙඩිතැබීම සිදුකොට පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම වෙඩිතැබීම සිදුවන විට පෙ.ව 9.30ට පමණ ඇති බවත්, එම අවස්ථාවේදී වෙඩිතැබීමට ලක්වූ පුද්ගලයා පාරේ ගමන්කරමින් සිට ඇති බවත් වාර්තා වෙයි.
වෙඩිවැදුණු පුද්ගලයා අසළ තිබී හිස් පතරොම් කොපු 6ක් සොයාගෙන ඇති අතර මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලීසිය සැක පළකරයි.
Add Comment