SRILANKAN NEWS

අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවක්..

wp_20161122_016අලිමංකඩ ලුණු ලේවාය පුද්ගලීකරණය කිරීමට රජය තීරණය කර ඇති බවට පළවූ පුවතින් අනතුරුව, ලුණු ලේවායේ කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිය විරෝධය පළ කිරීම සම්බන්‍ධයෙන් වූ රැස්වීමක් ඉයක්කච්චිය දී පැවැත්වුණි.

පරන්දන්, කුමරපුරම්, උමයාල්පුරම්, තට්ටුවන්කොට්ටි, ඉයක්කච්චිය, සංකත්තාර්වයල්, කොයිල්වයල්, මුකාවිල්, මාසාර්, සෝරන්පට්රු, සහ පේරලයි යන ප්‍රදේශවල කම්කරුවන් සහ ජනතාව මෙයට සහභාගිවූහ.

රජය විසින් මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙහි පාඩු ලබන සංස්ථා පුද්ගලීකරණය කිරීමට යන බවට පවසා තිබීමෙන් අනතුරුව, අලිමංකඩ ලුණු ලේවාය ද මෙලෙස පුද්ගලීකරණය කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු ප්‍රචාරයවීමත් සමඟ එයට සිය විරෝධය පළ කිරීම සඳහා ඔවුන් මෙම තීරණයට එළඹී තිබේ.

wp_20161122_019_1

wp_20161122_022

wp_20161122_024