SRILANKAN NEWS

විනිසුරුවන්ගේ වැරදි මාධ්‍යට ලියන් පුළුවන් – කරුණාරත්න පරණවිතාන

අධිකරණ - විනිසුරු - තීන්දුමෙරට අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවන්ගේ වැරදි ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්ට ඒ පිළිබඳව වාර්තා කිරීමේ කිසිදු වරදක් නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී  ප්‍රශ්න කරනු ලැබූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ අධිකරණ ඇමතිවරයා කිව්වේ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස කරනවා කියලයි. මම නම් දැකලා නැහැ එහෙම අපහාස කරනවා කියලා. මාධ්‍ය භාවිතය ගැන ජනමාධ්‍යවේදියෙකුට දඬුවම් කරන්න අපට අවශ්‍යතාවයක් නැහැ. වරදක් වාර්තා කිරීම හෙළිදරව් කිරීම ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳව කටයුතු කරනවා නම් අපේ අමාත්‍යංශය මගින් කටයුතු කෙරෙන්න ඕනා. අපි එහෙම කරන්නේ නැහැ. යනුවනේ ප්‍රකාශ කර තිබේ.