SRILANKAN NEWS

ජාතිවාදී සහ ආගම්වාදී කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – උතුරු පළාත් සභාවෙන් කෙටුම්පතක්

උතුරු පළාත් සභාවජාතිවාදය සහ ආගම්වාදය අවුලුවා ජාතීන් අතර සමඟිය හා එකමුතු භාවය කඩාකප්පල් කිරීමට තැත් කරන පුද්ගලයන්ට එරෙහිව ජනාධිපති, අගමැති සහ පොලිස්පතිවරයා දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව අවධාරණය කර උතුරු පළාත් සභාව යෝජනා කෙටුම්පතක් සම්මත කර තිබේ.

උතුරු පළාත් සභාවේ මාසික සැසිවාරය අද (24) දින පැවැත්වුණි. එහිදී සභාපති සි.වි.කේ. සිවඥානම් මහතා විසින් අදාළ කෙටුම්පත ඉදිරිපත් කළේය.

අදාළ යෝජනාවේ වැඩිදුරටත් සඳහන්වන්නේ,

මෑත කාලය තුල උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරිමේ කටයුතු බහුලවී තිබේ. මෙවැනි කටයුතු ක්‍රියාත්මක කරන්නේ අන්තවාදී සහ ජාතිවාදී බෞද්ධ භික්‍ෂුන් කිහිප දෙනෙකු විසින්ය.

පසුගිය දින කිහිපයකට පෙර මඩකළපුව මංගලරාම විහාරාධිපති අඹේපිටිය සුමනරතන හිමියන්, ග්‍රාම සේවා නිළධාරියකුට මරණ තර්ජනය කරමින් දෙමළ ජනතාව ද ඉතා නින්දා අපහස කර තිබුණි. පොලීසිය එහි රැඳී සිටි නමුත් හිමිවරයාට එරෙහිව කිසිඳු නිතිමය පියවරක් නොගෙන තිබුණි. මෙය මෙම සභාව ඉතා පිළිකුල් ලෙස හෙලාදකින බව ද පවසා සිටියේය.

එහිදී අදහස් ප්‍රකාශ කළ ආනන්දි සසිදරන්, හිමිවරයකු ඉතා පහත් අයුරින් ක්‍රියා කළ නමුත් පොලීසිය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ, එවැනි ක්‍රියාවක් හින්දු පූජකවරයකු හෝ, ක්‍රිස්තියානි පාදිලිවරයකු හෝ මුස්ලිම් මෞලවරයකු සිදු කර තිබුණේ නම් පොලිසියේ ක්‍රියාමාර්ගය වෙනස්විය හැක. එක් ජාතියක් ගැන ඉතා පහත් අයුරින් කථා කර ඇත. නමුත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය ඉදිරිපත් වුයේ නැහැ.

අනතුරුව අදහස් ප්‍රකාශ කළ එම්.කේ. සිවාජිලිංගම් මහතා, නීති විරෝධි ඉදිකිරීම් සම්බන්‍ධයෙන් පළාත් පාලන දෙපාර්තුමෙන්තු විසින් මෙතෙක් ගොනු කර ඇති නඩු සංඛ්‍යාව කොපමණ ද?

නීති විරෝධි ඉදිකිරීම් සම්බන්‍ධයෙන් අධිකරණයට නඩු පවරා නීතිමය අයුරින් එවැනි ගොඩනැගිළි ඉවත් කළ යුතුයි. උතුරේ නීති විරෝධි ඉදිකිරීම් සියල්ල සිකුරාදා දින රාත්‍රී කාලයේ ආරම්භ කර ඉරිදා දින රාත්‍රීයේ අවසන් කරති. එය නිවාඩු දින හෙයින් නීති විරෝධි ඉදිකිරීම් ගැන බළධාරීන් අවධානය යොමු නොකිරීම නිසා එම කාලයතුල ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටිති.

එලෙස ඉදිකරන ලද ඉදිකිරීම් ගැන බළධාරීන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් සති අන්තයේදී නිතී විරෝධි ඉදිකිරීම් කටයුතු සිදුකරන බව හෙතෙම පවසා සිටියේය.