ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනතාව බලාපොරොත්තු නොවන ආකාරයේ “දේශපාලන බෝම්බයක්” පත්තු කිරීමට. බැසිල් රාජපක්ෂ මහතා සහ එජාප කණ්ඩායමක් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (25) දින මුදල් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මේ පිළිබඳව සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණ කරන බවත්, බැසිල් රාජපක්ෂ මහතා තමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අභියෝග කරන්නේ නම් පැය 24ක් තුළ සියල්ල හෙළිදරව් කිරීමට තමා සුදානම් බවත් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ මෙහෙයුමේ බැසිල් රාජපක්ෂ මහතා සිටින හෙයින් ඔහුට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණයේ යම් වෙනස්කම් කිරීමට එජාප කණ්ඩායම පොරොන්දු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාවට අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් කණ්ඩායමක්ද සහභාගී වී සිටියේය.
Add Comment