ලසන්ත ඝාතනයට සම්බන්‍ධ තවත් සැකකරුවකු අල්ලන්න ‍පොලිසිය මහජන සහය පතයි

lasphotoප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතා ඇත.

ඝාතනය සම්බන්ධ සාක්ෂි විභාගයේ දී අනාවරණය වූ පරිදි මෙම සැකකරුගේ සිතුවමක් පොලිස් චිත්‍රශිල්පීන් විසින් සිතුවමට නගා ඇති බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

වයස අවුරුදු 35ක් පමණ පෙනුමැති, අදාල පුද්ගලයාගේ උස අඩි 05යි අඟල් 08ක් පමණ වන අතර ඔහුට දුඹුරු පැහැති දිගටි ඇස් ඇති බව ද පොලීසිය පවසා තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් දන්නේ නම් 011- 242 2176, 011-2380380, 071-8305528, 071-8349505, 077-3291500 හා 071-8070207 යන දුරකථන අංක වලට දැනුම් දෙන මෙන් පොලිස් මුලස්ථානය ඉල්ලා සිටි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top