පුන්කුඩුතීව් සිසුවිය ඝාතනය කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

jaffna-court-03-1024x772යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඝාතන සිද්ධිය සම්බන්‍ධ අදාළ නඩුව අද (28) දින ඌර්කාවට්තුරයි අධිකරණ අතිරේක මහේස්ත්‍රාත් සරෝජිනි ඉලන්කෝවන් මහත්මිය ඉදිරියේ කැඳවූ අතර, එහිදී සැකකරුවන් 12 දෙනා ද අධිකරණයේ පෙනී සිටියහ.

අනතුරුව සැකකරුවන් 12 දෙනා ලබන 9 වනදා දක්වා යළි රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top