SRILANKAN NEWS

කිලිනොච්චිය කනගපුරම් සුසානයේදී සැමරූ මහවිරු දිනය..

pict_20161127_181635කිලිනොච්චිය කනගපුරම් මාහවිරු සුසානයේදී ඊයේ (27) දින මහවිරු දිනය මහවිරුවන්ගේ ඥාතීන් සහ විශාල සංඛ්‍යාත දෙමළ ජන සහභාගිත්වයෙන් සමරන ලදී. පසුගිය 2007 වසරේ අවසන් වරට කිලිනොච්චිය මහවිරු සුසානයේදී මහවිරු දින සැමරුම පවත්වා තිබුණි. ඉන්පසු යුද්දය අවසන්වීමත් සමඟ මෙම ප්‍රදේශයන් හමුදාව යටතේ තිබූ අතර, දෙමළ ජනතාවගේ ප්‍රදේශවල පිහිටි මහවිරු සොහොන් කොත් සියල්ල ශ්‍රී ලංකා රජයේ යුද හමුදා විසින් බිමට සමතලා කර විනාශ කර තිබුණි.

ඉන්පසු මෙම සොහොන් කොත් මත හමුදා කඳවුරු ඉදිකර වසර කිහිපයක්ම තම යටතේ තබාගෙන සිටියහ. දැනට එම ස්ථානවලින් හමුදාව ඉවත්ව යාමෙන් අනතුරුව පසුගිය සිකුරාදා දින කිලිනොච්චිය කනගපුරම් මහවිරු සුසානයට ගිය මහවිරුවන්ගේ ඥාතීන් සහ ජනතාව එක්වී මහවිරු සොහොන් කොත් ශ්‍රමදානයෙන් එලිපෙහෙළි කර තිබුණි.

ඊයේ නොවැම්බර් 27 දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කර ජීවිතිය පරිත්‍යාග කළ සිය ඥාතීන් සිහිපත් කර පහන් දල්වා මහවිරු දිනය සමරන ලදී. සවස 6.5ට පොදු මහා පහන දල්වන ලදී. කනගපුරම් මහවිරු සුසානයේ එම පොදු පහන පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන් මහතා විසින් දැල්වීමත සමඟ මහවිරුවන්ගේ දෙමව්පියන්, ඥාතීන් ද පහන් දල්වා සිය ශෝකය පළ කළහ.

සොහොන් කොත්, නාම පුවරු නැති නමුත් අපගේ දරුවන් වල දැමූ මෙම ස්ථානයට පැමිණ ඔවුන්ව සිහිපත් කර අනුස්මරණ කටයුතු සිදු කිරීමට ලැබුණු අවස්ථාව ගැන කුමක් කියන්නද යැයි මම දන්නේ නැහැ, මගේ දරුවාගේ සොහොන් කොතට පැමිණ ඔහුව සිහිපත් කිරීමට මින් පසු අවස්ථාවක් ලැබෙයිද කියා ශෝකයෙන් සිටි මට ආත්ම තෘප්තියක් ලැබුණි. වසර හත අටකට පසු මෙම ස්ථානයේ යළි පහන් දල්වා සිහිපත් කිරීමට අවස්ථාවක් ලැබෙයි කියා මම කිසි දිනක සිතුවේ නැහැ. මින්පසු ද අපේ දරුවන් සිහිපත් කිරීමට නිදහසක් ලැබෙයි කියා විශ්වසායක් තිබෙන බව මහවිරුවකුගේ මවකු පවසා සිටියාය.

kkk-3දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ යාපනය කාර්යාලවලද, සරසවි සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලයේද, TNA සංවිධායකත්වයෙන් මඩකලපුවේ, වවුනියාවේ හා අම්පාරේද මහවිරු සමරු පැවැත්වුනි.

pict_20161127_181138

pict_20161127_181216

kkk-8

dsc_0078

dsc_0090

dsc_0125

dsc_0155

pict_20161127_182449