තුන්කොන් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට..

ක්‍රිකට්සිම්බාබ්වේහිදී පැවති තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් විය.

මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම, පන්දුවාර 36.3 දී සියළුම දෙනා දැවී ලබාගන්නා ලද්දේ ලකුණු 160 ක් පමණක් වූ අතර ඊට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකාව ප්‍රවීණ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු නොමැතිව, කඩුළු 04 ක් පමණක් දැවී පන්දුවාර 37.3 කදී සිය ජය තහවුරු කර ගන්නා ලදී. කුසල් මෙන්ඩිස් හා උපුල් තරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 57 බැගින් ලබා ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top