ආවා ගෘෘප් සැකකරුවන් 11ට ඇප

bail ඇපඋතුරු පළාත තුළ ක්‍රියාත්මක “ආවා“ නමැති කණ්ඩායමේ බවට සැකපිට අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 11 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (30) නියෝග කර තිබේ.

පසුගිය කාලය තුළ යාපනය ප්‍රෙද්හය ආශ්‍රිතව ඇති වූ විවිධ නීති විරෝධී කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙම “ආවා” කල්ලියට චෝදනා එල්ල වී තිබිණි.

ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනවලදී එම කණ්ඩායමට සම්බන්ධ බවට සැකපිට මෙම සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අදාළ නඩුව අද(30) යළි කැඳවු අවස්ථාවේ සැකකරුවන් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top