සා/පෙ උපකාරක පන්ති – සම්මන්ත්‍රණ අද සිට තහනම්

විභාග2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය අවසන් වන දෙසැම්බර් මස 17 වන දින දක්වා මෙම තහනම ක්‍රියාත්මක වන අතර, අදාළ කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම හෝ පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් කර ඇත.

යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කළහොත් ඔවුන් විභාග පනතට අනුව වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට හෝ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි සිදුකළ හැකි බව ද විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top