ඉන්දිය සිනමාහල්වල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය ගායනා කළ යුතු යැයි ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. එයට මධ්‍යම රජය ද එකඟත්වය පළ කර තිබේ.
තවද ජාතික ගීය ගායනා කරන විට තිරයේ ජාතික කොඩිය ප්‍රදර්ශණය කළ යුතු බවත්, එම අවස්ථාවේ ජනතාව අසුනෙන් නැගිට සීරුවෙන් සිට ගෞරවය පළ කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මෙය ක්‍රියාත්මක නොකරන සිනමාහල්වලට එරෙහිව අධිකරණය අවමන් කළ චෝදනා මත නඩු පවරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය අවවාද කර තිබේ. ප්‍රාන්ත රජයේ ලේකම්වරුන් වෙත මේ සම්බන්‍ධ චක්‍රලේඛණය යවන බවත්, මාධ්‍ය හරහා දැන්විම් පළ කිරීමට ද පියවර ගන්නා බව ඉන්දිය මධ්‍යම රජය පවසා තිබේ.
Add Comment